"තෙල් මිල ඉහළ යාම හමුවේ ඉදිරි මාස 3 තුළ ඉල්ලුම පාලනය කරනවා" - මහ බැංකු අධිපති

02 Jun 2026, 10:07 AM | Economy | Views: 20

Article Image
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑමේ සෘජු බලපෑම හේතුවෙන් මෙරට උද්ධමනය සියයට 7ක මට්ටමක් දක්වා වර්ධනය වීමේ ඉඩකඩක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

පසුගිය (01) දා රාත්‍රියේ විකාශය වූ 'ටීවී දෙරණ 360' කාලීන වැඩසටහන සමඟ සම්බන්ධ වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.

මැදපෙරදිග ගැටුම් කෙටි කලකින් අවසන් වනු ඇතැයි අපේක්ෂා කළ ද, එය දිග්ගැස්සීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

මහ බැංකු අධිපතිවරයා දැක්වූ අදහස් කෙටියෙන්,

මේ වන විට උද්ධමනය 5.4% - 5.5% මට්ටමක පැවතුණ ද, ඉන්ධන මිල ඉහළ යාම හමුවේ එය ඉදිරියේදී තවත් වැඩි වීම අනිවාර්ය වේ. පරිභෝජනයේ අඩුවක් සිදුනො වුවහොත් උද්ධමනය 7% දක්වා ඉහළ යා හැකිය.

පවතින අවදානමට පෙර සූදානමක් ලෙස පසුගිය සතියේ මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට මහ බැංකුව පියවර ගත්තේය. එමඟින් ඉදිරි මාස තුන තුළ වෙළෙඳපොළ ඉල්ලුම පාලනය කර උද්ධමනය ඉහළ යාම වැළැක්වීමට අපේක්ෂිතය.

මෙරට පවතින මුදල් විශුද්ධිකරණ විරෝධී නීති පද්ධතියට අනුකූලව, නීත්‍යානුකූලව උපයාගත් ඕනෑම මුදලක් බැංකු පද්ධතිය හරහා ශ්‍රී ලංකාවට එවීම සඳහා කිසිදු බාධාවක් නොමැති බව ද අධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය. කෙසේ වෙතත්, නීතිවිරෝධී මුදල් රටට එවීම කළ නොහැකි වනු ඇත.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.