ඇමෙරිකා සහ ඊශ්‍රායල රාජ්‍ය නායකයන් අතර රහසිගත සංවාදය කාන්දු වෙයි

02 Jun 2026, 5:32 PM | International | Views: 20

Article Image
ලෙබනනය තුළ ඊශ්‍රායලය දියත් කර ඇති හමුදා ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු වෙත දැඩි දෝෂාරෝපණයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

පසුගිය සඳුදා (ජුනි 01) සිදු වූ මෙම අතිශය රහසිගත දුරකථන සංවාදය පිළිබඳව ඇමෙරිකානු නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු විශ්වාසවන්ත මූලාශ්‍ර උපුටා දක්වමින් ප්‍රකට 'ඇක්සියෝස්' (Axios) පුවත් සේවය තොරතුරු අනාවරණය කර තිබේ.

වාර්තා වන අන්දමට, මෙම ඇමතුමේදී ජනාධිපති ට්‍රම්ප් විසින් නෙතන්යාහුගේ තීරණ දැඩි විවේචනයට ලක් කර ඇති අතර, ඔහු කළගුණ නොදන්නෙකු ලෙස ද හඳුන්වා ඇත.

විශේෂයෙන්ම, නෙතන්යාහුට එරෙහිව පැවති දූෂණ චෝදනා නඩු විභාගවලදී තමන් ලබා දුන් සහයෝගය සිහිපත් කරමින් ට්‍රම්ප් දැඩි කෝපයෙන් කෑගසා ඇති බව සඳහන් වේ.

"ඔබ සම්පූර්ණයෙන්ම වියරු වැටිලා. මම නොසිටින්න ඔබ අද ඉන්නේ සිරගෙදර. මම ඔබව බේරා ගනිද්දී, මේ ක්‍රියාවන් නිසා අද මුළු ලෝකයම ඔබට සහ ඊශ්‍රායලයට වෛර කරනවා. ඔබ මේ කරන්නේ කුමක්ද?"
- ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් -

ලෙබනනයේ බේරූට් අගනුවරට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සැලසුම් කර තිබූ වැඩපිළිවෙළ වහාම අත්හිටුවීමට ට්‍රම්ප් මෙහිදී නියෝග කර ඇත.

බේරූට් අගනුවරට බෝම්බ හෙලීමේ තර්ජනය ක්‍රියාත්මක කළහොත් ඊශ්‍රායලය ජාත්‍යන්තරය ඉදිරියේ තනි වනු ඇති බවට ද ඇමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.

මේ වන විට බේරූට් නුවර පිහිටි හෙස්බොල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් ඊශ්‍රායලය විසින් අත්හැර දමා ඇති බව ඊශ්‍රායල නිලධාරියෙකු ද සනාථ කර ඇත.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.