චාල්ස් රජු පවුම් මිලියන 12.9ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 17ක්) බදු රජයට ගෙවලා..

28 Jun 2026, 9:41 AM | International | Views: 11

Article Image
බ්‍රිතාන්‍ය රජ පවුලෙන් පෙරළිකාර තීන්දුවක්.. එතෙක් මෙතෙක් ඉතිහාසය වෙනස් කරමින් චාල්ස් රජු කළ දේ මෙන්න..

මේ රාජකීය පවුල පිළිබඳව අවස්ථා ගණනාවකදී අහන්න දකින්න ලැබුණේ වෙනස්ම ආරංචි ගොන්නක්. මේ අන්න ඒ වගේ තවත් ලොවම මවිත කළ කතාවක්.

බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජු (King Charles III) තමන් විසින් ගෙවන ලද පුද්ගලික බදු මුදල් ප්‍රමාණය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කරමින් බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසයේ නව පිටුවක් පෙරළා තිබෙනවා.

තමන් ගෙවූ බදු බිල මෙලෙස ප්‍රසිද්ධියට පත් කළ පළමු බ්‍රිතාන්‍ය මහරජු වන්නේ ද ඔහුයි. වාර්ෂික රාජකීය මූල්‍ය වාර්තාවලට අනුව, 2024-2025 මූල්‍ය වර්ෂය සඳහා චාල්ස් රජු පවුම් මිලියන 12.9ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 17කට ආසන්න) මුදලක් පුද්ගලික ආදායම් සහ ප්‍රාග්ධන ලාභ බදු (Capital Gains Tax) වශයෙන් රජයට ගෙවා තිබෙනවා.

නීතිමය වශයෙන් බ්‍රිතාන්‍යයේ රජු බදු ගෙවීමට බැඳී නොසිටියද, චාල්ස් රජු සිය කැමැත්තෙන්ම (Voluntarily) මෙම බදු මුදල් ගෙවා තිබෙනවා.

ඔහු ගෙවා ඇති බදු මුදල අනුව, ඔහු එක්සත් රාජධානියේ වැඩිම බදු ගෙවන්නන් 100 දෙනා අතරට (Top 100 Taxpayers) ද ඇතුළත් වී ඇති බව බකිංහැම් මාළිගය තහවුරු කරනවා.

මේ අතර, වේල්ස්හි කුමරු වන විලියම් කුමරු (Prince of Wales) ද එම කාලසීමාව තුළ තමන් පවුම් මිලියන 7.76ක බදු මුදලක් ගෙවූ බව ප්‍රකාශ කර තිබෙනවා.

බදු විස්තර හෙළි කිරීමට අමතරව, බ්‍රිතාන්‍ය රජ පවුල විසින් තවත් විශේෂ තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබීම මෙහිදී කාගේත් අවදානය දිනාගත්ත කාරණයක් වුණා.

ඒ අනුව, දැනට පවුම් මිලියන 369ක දැවැන්ත වියදමකින් ප්‍රතිසංස්කරණය වෙමින් පවතින සුප්‍රසිද්ධ බකිංහැම් මාළිගය (Buckingham Palace) සිය නිල නවාතැන කර නොගැනීමට චාල්ස් රජු සහ කැමිලා රැජිණ තීරණය කර තිබෙනවා.

වසර 180කට අධික කාලයක් බ්‍රිතාන්‍ය රජවරුන්ගේ ප්‍රධාන නිවහන වූ බකිංහැම් මාළිගාව වෙනුවට, ඔවුන් දැනට පදිංචිව සිටින “ක්ලැරන්ස් හවුස්” (Clarence House) මන්දිරයේම අඛණ්ඩව ජීවත් වීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, බකිංහැම් මාළිගය රාජකීය රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල ප්‍රධාන මූලස්ථානය ලෙස තවදුරටත් ක්‍රියාත්මක වන අතර, එය මහජනතාව සහ සංචාරකයන් සඳහා වැඩි වශයෙන් විවෘත කිරීමට ද කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.