ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමට චීනයේ සහාය තවදුරටත් පුළුල් වෙයිද?

17 Oct 2026, 11:38 AM | Economy | Views: 9

Article Image
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ශක්තිමත් කිරීම සහ දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව සහ චීනය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම හමුව පසුගිය 14 වැනි බ්‍රහස්පතින්දා මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුවාෂියැං මහතා සහ කම්කරු අමාත්‍යවරයා මෙන්ම මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ද වන ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහභාගී වී තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දෙරට අතර තවදුරටත් සහයෝගීතාව වර්ධනය කළ හැකි ක්ෂේත්‍ර පිළිබඳව අදහස් හුවමාරු කරගෙන ඇත. එමෙන්ම, මෙරට ආර්ථික සංවර්ධනයට සහාය වීම සඳහා චීනයෙන් ලබාගත හැකි සහයෝගය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී තිබේ.

දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පදනම් කරගනිමින් පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද සාකච්ඡාවේදී අවධාරණය කර ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වන සහයෝගීතා වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම ද මෙහි ප්‍රධාන අවධානයක් වී තිබේ.

මෙම අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉන්දික ප්‍රේමරත්න මහතා සහ මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

චීන දූත පිරිස නියෝජනය කරමින් ආර්ථික හා වාණිජ කටයුතු පිළිබඳ උපදේශක ටෑං යැන්ඩි, අනුයුක්ත නිලධාරී මෙං යූ, තෙවන ලේකම් ලූ වෙන්ජිං සහ අනුයුක්ත නිලධාරී ලී ෂින්වෙයි යන මහත්ම මහත්මීහු ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.