DNA පරීක්ෂණයකට නියෝග ඉල්ලා චාමික කරුණාරත්න නඩුව තවත් දිනයකට

01 Apr 2026, 12:04 PM | Gossip | Views: 5

Article Image
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව ගොනු කර ඇති පීතෘත්ව නඩුවකට අදාළව, DNA පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පල ලබාගැනීමට නියෝගයක් ඉල්ලා ඉදිරිපත් කළ පැමිණිල්ලේ ලිඛිත කරුණු දැක්වීම් මැයි මස 13 වැනිදා ඉදිරිපත් කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (31) නියෝග කළා.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති ගුවන් සේවිකාවක වන පෙරමුණේලාගේ රසිකා සෙව්වන්දි මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ, තම දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට අධිකරණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසයි.

කරුණු සලකා බැලූ අධිකරණය අදාළ නියෝගය නිකුත් කර තිබෙනවා.

පෙත්සම්කාරිය අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ, චාමික කරුණාරත්නට දාව තම බාල වයස්කාර දරුවා 2025 සැප්තැම්බර් මස 29 වනදා උපත ලැබූ බවයි.

තමා ගැබ් ගැනීමෙන් පසුව ඔහු තමන් මඟහැරීමට උත්සාහ කළ බවත්, දරුවාගේ පීතෘත්වය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවත් ඇය වැඩිදුරටත් චෝදනා කළා.

දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත්, ඒ අනුව දරුවාගේ උප්පැන්න සහතිකය සංශෝධනය කිරීමට රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය ඉල්ලා සිටිනවා.

එමෙන්ම, මෙම සත්‍යතාව තහවුරු කරගැනීම සඳහා දරුවා සහ චාමික කරුණාරත්න යන දෙදෙනාම DNA පරීක්ෂණයකට භාජනය කරන ලෙස ද ඇය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.