JXG සමූහය LMD 2026 වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ ආයතන අතර 44 වැනි ස්ථානයට

16 Oct 2026, 1:18 PM | Gossip | Views: 9

Article Image
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමූහ ව්‍යාපාරයක් වන JXG (Janashakthi Group), 2026 වසරේ LMD විසින් ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ ආයතන ලැයිස්තුවේ 44 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.

මෙම ලැයිස්තුවට JXG සමූහය පළමු වරට ඇතුළත් වීම විශේෂත්වයකි.

එමඟින් ශ්‍රී ලංකාවේ ගෞරවයට පාත්‍ර වූ සමාගම් අතරට එක්වීමට සමූහයට හැකි වී ඇති අතර, සමූහයේ ප්‍රධාන සන්නාමය ගොඩනැගීමේ ගමන්මඟේ වැදගත් සන්ධිස්ථානයක් ද සනිටුහන් කරයි.

JXG සමූහයේ මව් සමාගම ලෙස, රැකියාව කිරීමට කැමැත්තක් ඇති ආයතනයක් වීම, ව්‍යාපාර පුළුල් කිරීම, ව්‍යාපාරික නවෝත්පාදන, ආයතනික සංස්කෘතිය, ව්‍යාපාරික ක්‍රියාශීලීත්වය, අර්බුද කළමනාකරණය, සේවක සුබසාධනය, අවංකභාවය හා අඛණ්ඩතාව සහ නායකත්ව ගුණාංග ඇතුළු ප්‍රධාන අංශ රැසකින් ද පිළිගැනීමට ලක්ව තිබේ.

මෙම ඇගයීම මඟින් JXG සන්නාමයේ වර්ධනය වන ශක්තිය මෙන්ම එහි ව්‍යාපාරික ආයතන සහ සේවකයන්ගේ සාමූහික දායකත්වය ද පිළිබිඹු වේ.
එමඟින් පාර්ශ්වකරුවන් අතර විශ්වාසය හා පිළිගැනීම ගොඩනැගීමට සමූහයට හැකි වී තිබේ.

JXG සමූහයට අයත් Janashakthi Life සහ First Capital යන අනුබද්ධ සමාගම් ද 2026 වසරේ LMD වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ ආයතන ලැයිස්තුවේ ප්‍රධාන ලැයිස්තුවට ඇතුළත් වී ඇත.

එසේම, Janashakthi Finance සමාගම ව්‍යාපාර පුළුල් කිරීම යන අංශය යටතේ ඇගයීමට ලක්ව තිබේ. මෙම පිළිගැනීම් මඟින් JXG සමූහයේ ප්‍රධාන සන්නාමය පමණක් නොව, ඊට අයත් එක් එක් ව්‍යාපාරික ආයතනවල ශක්තිය ද තහවුරු වේ.

LMD විසින් සංකල්පගත කර මෙහෙයවන ලද මෙම විශේෂ ප්‍රකාශනය, PepperCube Research Consultants ආයතනය විසින් සිදු කරන ලද ස්වාධීන සමීක්ෂණයක් මත පදනම් වේ. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවගේ අදහස් සැලකිල්ලට ගනිමින් රටේ වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ සමාගම් හඳුනාගැනීම මෙහි අරමුණයි.
මෙම පිළිගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් JXG සමූහයේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී ගමික ද සිල්වා මහතා මෙසේ පැවසීය.
“මෙය JXG සමූහයේ අප සියලු දෙනාටම ආඩම්බර විය හැකි අවස්ථාවක්. අපගේ අරමුණ වූයේ හුදෙක් ජනතාවට දැකගත හැකි සන්නාමයක් පමණක් නොව, අපගේ සේවකයන් විසින් සැබෑවටම අත්විඳින සහ අප කරන සෑම කාර්යයකින්ම පිළිබිඹු වන සමූහ සන්නාමයක් ගොඩනැගීමයි

අවසානයේදී ඕනෑම සන්නාමයක සැබෑ වටිනාකම තීරණය වන්නේ එහි ජනතාව මතයි.
මෙම පිළිගැනීමේ ගෞරවය හිමිවන්නේ JXG සමූහයේ වටිනාකම් දිනපතා තම ක්‍රියාකාරකම් තුළින් ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන සියලුම සේවකයන්ටයි. මෙම ඇගයීම අපට වැදගත් සන්ධිස්ථානයක් වන අතරම, අපගේ පාර්ශ්වකරුවන්ගේ ගෞරවය අඛණ්ඩව දිනාගැනීම සඳහා තවදුරටත් ඉහළ ප්‍රමිතීන් පවත්වාගෙන යා යුතු බව ද සිහිපත් කරයි.”

JXG සමූහය විශ්වාසය ගොඩනැගීම සඳහා අඛණ්ඩතාව, සහයෝගීතාව, ගෞරවය, කාර්යසාධනය කෙරෙහි අවධානය යොමු කිරීම සහ නවෝත්පාදනය යන මූලික වටිනාකම් මත පදනම් වූ ප්‍රවේශයක් අනුගමනය කරයි.

මෙම වටිනාකම් සමූහයේ ව්‍යාපාරික කටයුතු මෙහෙයවන ආකාරය, සේවකයන් එකිනෙකා සමඟ කටයුතු කරන ආකාරය මෙන්ම පාරිභෝගිකයන්ට සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට සේවා සපයන ආකාරය ද මඟපෙන්වයි.

JXG සමූහය සිය ව්‍යාපාර තවදුරටත් පුළුල් කරමින් ඉදිරියට යන අතර, වෙළෙඳපොළ තුළ සිය පැවැත්ම ශක්තිමත් කිරීම, දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීම සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ වර්ධනයට දායක වීම කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරයි.
“බාධක බිඳ දමමින් අනාගතය ගොඩනැගීම” යන සිය අරමුණ මඟපෙන්වීම කරගනිමින්, ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ විශ්වාසය, ගුණාත්මකභාවය සහ දිගුකාලීන වර්ධනය තවදුරටත් ශක්තිමත් කිරීම JXG සමූහයේ ඉදිරි ගමනේ ප්‍රධාන අරමුණක් වේ.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.