"ඉලක්කයකට වයස බාධාවක් නොවේ" හත් හැවිරිදි ඉෂාන්ක් මුහුදු රළ පරදා ලෝකය දිනයි!

02 May 2026, 12:25 PM | News | Views: 3

Article Image
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙන් කරන අභියෝගාත්මක පෝක් සමුද්‍ර සන්ධිය තරණය කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඉන්දියාවේ රාන්චි ප්‍රදේශයේ පදිංචි හත් හැවිරිදි ඉෂාන්ක් සමත්ව තිබේ.

ඔහු මෙම ජයග්‍රහණය වාර්තා කළේ පෝක් සමුද්‍ර සන්ධිය තරණය කළ ලොව ලාබාලතම පිහිනුම් ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් වෙමිනි.

ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා වූ කිලෝමීටර් 29කට ආසන්න මුහුදු දුර ප්‍රමාණය පිහිනා යාම සඳහා ඉෂාන්ක් වැය කර ඇත්තේ පැය 9යි මිනිත්තු 50ක් වැනි කෙටි කාලයකි.

අප්‍රේල් 30 වනදා ඔහු විසින් අත්කරගත් මෙම ජයග්‍රහණය වෙනුවෙන් "විශ්ව වාර්තා සංසදය" (Universal Records Forum) මගින් විශේෂ ලෝක වාර්තා සහතිකයක් ද ඔහුට පිරිනමා ඇත.

රාන්චි හි DAV ශ්‍යාමලී පාසලේ 3 වන වසරේ ඉගෙනුම ලබන ඉෂාන්ක්, මෙම ජයග්‍රහණය වෙනුවෙන් දිනකට පැය 4ක් 5ක් පමණ ධුර්වා වේල්ලේ පුහුණුවීම් කටයුතුවල නිරත වී තිබේ.

අමන් කුමාර් ජයිස්වාල් සහ බජ්රං කුමාර් යන පුහුණුකරුවන් යටතේ ඔහු මෙම විශේෂිත පුහුණුව ලබා ඇත.

ඉෂාන්ක්ගේ මෙම අසාමාන්‍ය දක්ෂතාව පිළිබඳ අදහස් දක්වමින් ඔහුගේ පාසලේ විදුහල්පතිවරයා සඳහන් කළේ, මෙතරම් කුඩා වයසකදී රළු මුහුදු රළ සමඟ සටන් කරමින් ලැබූ මෙම ජයග්‍රහණය සෙසු සිසුන්ට ද විශාල ආදර්ශයක් බවයි.

ඕනෑම ඉලක්කයක් ජය ගැනීමට වයස බාධාවක් නොවන බවත්, ඒ සඳහා අවශ්‍ය වන්නේ නොපසුබට උත්සාහය සහ කැපවීම පමණක් බවත් ඉෂාන්ක් ලොවටම ඔප්පු කර හමාරය.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.