නායයාමක් හේතුවෙන් වටවල සහ දියගල අතර ගමනාගමනය සීමා වෙයි

11 May 2026, 4:06 PM | News | Views: 21

Article Image
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ නායයාමක් සිදුව ඇති අතර, ඒ හේතුවෙන් මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

මීට පෙර දිට්වා සුළි කුණාටුව පැවති සමයේ නායයාමට ලක්ව පිරිසිදු කරන ලද වටවල ප්‍රදේශයේ එම ස්ථානයටම ඊයේ (10) ඇද හැලුණු තද වැසි සමඟ යළිත් පස් කන්දක් කඩා වැටී ඇත.

මේ වන විට එම ස්ථානයේ ගමනාගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කර ඇති අතර, මාර්ගයට වැටී ඇති පස් කන්ද කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයේ විධායක ඉංජිනේරුවරයා සඳහන් කළේය.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.