රථවාහන දඩ මුවාවෙන් බැංකු ගිණුම් හිස් කරන සූක්ෂ්ම ජාවාරමක් ගැන ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයෙන් අනතුරු ඇඟවීමක්

02 Jun 2026, 10:23 AM | News | Views: 20

Article Image
රථවාහන වැරදි සඳහා CCTV දර්ශන පදනම් කරගෙන දඩ මුදල් අය කරන බව පවසමින් රියදුරන් මුලා කරන නවතම මූල්‍ය වංචාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසයි.
වංචාකරුවන් විසින් විදේශීය දුරකථන අංක භාවිත කරමින් SMS හෝ WhatsApp හරහා මෙම ව්‍යාජ පණිවිඩ ජනතාව වෙත යොමු කරනු ලබයි.

ජාවාරම ක්‍රියාත්මක වන ආකාරය ?

* ව්‍යාජ පණිවිඩය: අදාළ රියදුරා සිදුකළ රථවාහන වරදක් CCTV මඟින් නිරීක්ෂණය වී ඇති බවත්, ඒ සඳහා දඩ මුදල් ගෙවිය යුතු බවත් පණිවිඩයේ දැක්වේ.

* ව්‍යාජ සබැඳිය (Link): දඩ මුදල ගෙවීම සඳහා වංචාකරුවන් විසින් https://thecourierguy.eu.cc/lk නැමැති සබැඳියක් පරිශීලකයන් වෙත ලබා දෙයි.

* ව්‍යාජ වෙබ් අඩවිය: මෙම සබැඳිය ක්ලික් කළ විට විවෘත වන්නේ රජයේ නිල 'Gov Pay' වෙබ් අඩවියට බෙහෙවින් සමාන ලෙස සකස් කළ ව්‍යාජ අඩවියකි. එහි වාහන අංකය ඇතුළත් කළ පසු බොරු රථවාහන වැරදි වාර්තාවක් ද පෙන්වනු ලැබේ.

* දඩය ගෙවීමට යාමේදී පරිශීලකයාගේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් (Credit/Debit Card) තොරතුරු ඇතුළත් කරවා ගෙන, බැංකු ගිණුම්වල ඇති මුදල් සොරකම් කිරීම මෙහි අවසාන ඉලක්කයයි.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.