අභිරහස් ලෙස වළ දමා තිබූ තරුණියකගේ මළ සිරුරක් මහේස්ත්‍රාත් ඉදිරියේ ගොඩගැනේ !

02 Jun 2026, 5:18 PM | News | Views: 18

Article Image
තෙල්දෙණිය, රංගල, උඩිස්පත්තුව හක්මන ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි ඇඟලුම් සේවිකාවක ඝාතනය කර, අභිරහස් ලෙස වළදමා තිබූ මළ සිරුරක් අධිකරණ නියෝග මත ගොඩගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ.

රංගල පොලිස් ස්ථානය වෙත ලැබුණු රහසිගත තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ රංගල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ජයරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මහේස්ත්‍රාත් නියෝග ලබාගැනීමෙන් අනතුරුව මෙම සිරුර ගොඩගෙන ඇත.

මෙලෙස සිරුර සොයාගෙන ඇත්තේ උඩිස්පත්තුව හක්මන ප්‍රදේශයේ පදිංචිව සිටි වීරසේකර මුදියන්සේලාගේ හීංපිටගෙදර වාසනා සඳමාලි නැමැති 22 හැවිරිදි තරුණියගේ බව රංගල පොලීසිය විසින් මේ වන විට නිල වශයෙන් තහවුරු කරගෙන තිබේ.

මළ සිරුර හමුවූ ස්ථානය වෙත පැමිණි තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක මහතා විසින් මූලික මහේස්ත්‍රාත් ස්ථානීය පරීක්ෂණය පවත්වනු ලැබීය.

ඉන් අනතුරුව, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයා විසින් රංගල පොලිස් ස්ථානාධිපතිවරයා වෙත පහත නියෝග නිකුත් කරන ලදී,

* ඝාතනයට ලක්වූ තරුණියගේ සිරුර සම්බන්ධයෙන් වැඩිදුර පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය තෙල්දෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිණී උපුලී බණ්ඩාර මහත්මිය ලවා සිදුකිරීම.
* එම වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කඩිනමින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම.
* සිද්ධිය සම්බන්ධයෙන් රංගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.