චරිත් -රඛිත අත්අඩංගුවට

25 Jun 2026, 5:53 PM | News | Views: 11

Article Image
අද උදෑසන ජුනි 25 වන දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ යන දෙදෙනාව අත්අඩංගුවට ගනු ලබනවා .මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හේතු දක්වන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටියේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ පනවා ඇති රඳවා ගැනීමේ නියෝගවලින් නිදහස් කර, වෙනත් බන්ධනාගාරයකට යොමු කිරීම සහ අපරාධ පරීක්ෂණ නිලධාරීන්ට අල්ලස් දී ඔහුව සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා ගැනීමට රුපියල් ලක්ෂ 1200ක (මිලියන 120ක) මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවට නැගෙන චෝදනාවලට අනුව අත්අඩංගුවට ගත් බවයි .

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා නිකුත් කළ නිවේදනයේ මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වා තිබේ . එම නිවේදනය පහත පරිදි වේ .

2026.06.25

මාධ්‍ය නිවේදන අංක 2026/070

ප්‍රධාන කර්තෘ/ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ

සියලු මාධ්‍ය ආයතන

රුපියල් ලක්ෂ 5000ක (කෝටි 50) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල රුපියල් ලක්ෂ 2000 (කෝටි 20) දක්වා අඩු කර එයින් අත්තිකාරමක් වශයෙන් රුපියල් ලක්ෂ 1200 (කෝටි 12) ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගත් සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සම්බන්ධවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටා යන අයගේ ජිවිතය ආරක්ෂා කර දීම සඳහාත්. (ඝාතනය කිරීම වැළැක්වීම සඳහාත්), ඉහත සැකකරුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කර දිම සදහාත්, විමර්ශන කටයුතු වලින් සහ ඊට අදාල කටයුතු වලින් නිදහස් කර දීම සඳහාත්, අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් 2023 වර්ෂයේදී ඩුබායි රාජ්‍යයේදී, ඉහත සැකකරුගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති යන අයගෙන් රුපියල් ලක්ෂ 5000 ක මුදලක් (කෝටි 50ක්) අල්ලස් වශයෙන් ඉල්ලා පසුව එම මුදල රුපියල් ලක්ෂ 2000 ක් (කෝටි 20ක්) දක්වා අඩු කර එම මුදලින් අත්තිකාරමක් වශයෙන් රුපියල් ලක්ෂ 1200 ක මුදලක් (කෝටි 12ක්) අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීම සම්බන්ධයෙන් හිටපු අධිකරණ හා බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුතෙකු වන නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක වශයෙන් කටයුතු කරන චරිත වසන්ත කුමාර අබේසිංහගේ යන අය සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂ වරයෙකු ලෙස කටයුතු කල වරුෂ හැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අයවලුන් ඉහත චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2026.06.25 වන අද දින අත්අඩංගුවට ගන්නා ලදි.

ඉහත සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකකය
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.