“මේ ධනය කොහොමද?” ජනතාවට පිළිතුරු දෙන්න අමාත්‍යවරයාට එරෙහි විරෝධතා හඬ

18 Apr 2026, 4:14 PM | Politics | Views: 4

Article Image
අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ මාලබේ පිහිටි නිවස ඉදිරිපිටදී සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් අද (18) දින විශේෂ විරෝධතාවයක නිරත විය.

අමාත්‍යවරයාගේ වත්කම් සම්බන්ධයෙන් පැන නැගී ඇති ආන්දෝලනාත්මක පුවත් පදනම් කරගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

පැදුරු, බංකු මෙන්ම කෙසෙල් කැනක් සහ පොල් වැනි ද්‍රව්‍ය ද රැගෙන පැමිණි විරෝධතාකරුවන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිහිපයක් විමසා සිටියහ.

වසර 30ක් පූර්ණකාලීන දේශපාලනයේ නිරත වූ, වෙනත් ව්‍යාපාරයක නොයෙදුණු අයෙකු මෙතරම් කෙටි කලක් තුළ මෙවැනි සුඛෝපභෝගී මන්දිරයක් ඉදිකළේ කෙසේදැයි ඔවුහු ප්‍රශ්න කළහ.

අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට මාර්ගය පමණක් කාපට් කර ඇති බවත්, එය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට නිවසට පැමිණීම සඳහා සිදුකළ පහසුකමක් ලෙසත් ඔවුහු චෝදනා කළහ.

අමාත්‍යවරයා ඉතා කෙටි කලකින් මෙවැනි ධනයක් උපයාගත් "රහස" ජනතාවට ද කියා දෙන ලෙස විරෝධතාකරුවන් උපහාසාත්මකව ඉල්ලා සිටියහ.

විරෝධතාවය අතරතුර අමාත්‍යවරයා නිවසේ නොසිටි බැවින්, තමන් රැගෙන ආ කෙසෙල් සහ පොල් ඇතුළු ද්‍රව්‍ය නිවස ඉදිරිපිට තබා යාමට විරෝධතාකරුවන් කටයුතු කළහ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරිය ජනතාවට පිළිතුරු දිය යුතු බව ද සුගීෂ්වර බණ්ඩාර මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.