භික්ෂූන් වහන්සේලාගේ අදහස් දැක්වීම දේශපාලනයක් නොවේ

20 Oct 2026, 5:25 PM | Politics | Views: 1

Article Image
ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව ජාතිවාදය හෝ ආගම්වාදය පවතින බවට මතයක් ගොඩනැගීමට යොදාගන්නා බවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමියෝ අදහස් පළ කරති.

අද (20) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ සඳහන් කළේ, ඥානසාර හිමියන් වෙනුවෙන් තරුණ භික්ෂූන් වහන්සේලා ඉදිරිපත් වීම දේශපාලන අරමුණක් ලෙස අර්ථ දැක්වීම තමන් පිළි නොගන්නා බවයි.

භික්ෂූන් වහන්සේලාට රජයේ ඇතැම් තීරණ සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් දැක්වීමට අයිතියක් ඇති බවත්, එය රජයට එරෙහි දේශපාලන ක්‍රියාමාර්ගයක් ලෙස සැලකිය නොහැකි බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

එමෙන්ම, ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයකට අනුව සිදුවිය යුතුව තිබූ බව අනුනාහිමියෝ ප්‍රකාශ කළහ.

ඥානසාර හිමියන්ට යළි සිවුර පැළඳවීම පිළිබඳ තීරණයක් ගැනීමට පෙර උන්වහන්සේගේ කැමැත්ත විමසීම වැදගත් බව ද සඳහන් කළ රාහුල අනුනාහිමියෝ, මෙම ගැටලුව සම්බන්ධයෙන් ගෙන යන ක්‍රියාමාර්ග අඛණ්ඩව පවත්වාගෙන යන බව වැඩිදුරටත් පැවසූහ.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.