කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට
20 Oct 2026, 5:41 PM |
News |
Views: 11
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (20) ගනුදෙනු අවසානයේ පහත වැටීමක් වාර්තා කර තිබේ.
ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 75.64කින් පහත වැටී ඒකක 19,983.78ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 0.38ක පහත වැටීමකි.
වඩාත් සක්රීය සමාගම් 20 නියෝජනය කරන S&P SL20 දර්ශකය ද ඒකක 13.98කින් පහත වැටී ඒකක 5,686.77ක් ලෙස සටහන් විය. එය සියයට 0.25ක පහත වැටීමකි.
අද දිනයේ වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් මිලියන 794.96ක් වූ අතර, බැංකු අංශය රුපියල් මිලියන 250.97ක පිරිවැටුමක් සමඟ ඉදිරියෙන් සිටියේය.
මේ අතර, C T Holdings, නමුණුකුල වැවිලි සමාගම සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් ඇතුළු සමාගම් කිහිපයක කොටස් මිල ඉහළ ගොස් තිබේ.කොත්මලේ හෝල්ඩින්ග්ස්, Access Engineering සහ LOLC Holdings යන සමාගම්වල කොටස් මිල පහත වැටුණු සමාගම් අතර විය.
එසේම, විදුලන්කා සමාගමට අයත් හම්බන්තොට රන්න මෙගාවොට් 10ක සූර්ය බලශක්ති ව්යාපෘතිය නිල වශයෙන් විවෘත කර ඇති බව ද වාර්තා වේ.
තවද, Access Engineering සමාගම සිය දකුණු ආසියානු වාණිජ හා සැපයුම් මධ්යස්ථාන ව්යාපෘතිය අවසන් කිරීමට කොටස් හිමියන් එකඟ වූ බව නිවේදනය කර තිබේ. ඒ සඳහා ආයෝජනය කළ රුපියල් බිලියන 1.762ක මුදලින් රුපියල් බිලියන 1.453ක් පමණ නැවත අයකර ගැනීමට සමාගම අපේක්ෂා කරයි.