සාගර විශ්වවිද්‍යාලයට මාතරින් අක්කර 11ක භූමියක්

20 Oct 2026, 6:21 PM | News | Views: 14

Article Image
ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය සඳහා මාතර, නාවිමන ප්‍රදේශයේ පිහිටි සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ පරිශ්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අක්කර 11ක භූමි ප්‍රමාණයකින් සමන්විත මෙම පරිශ්‍රයේ වර්ග අඩි 200,000ක පමණ අර්ධ වශයෙන් ඉදිකර අවසන් කළ ගොඩනැගිලි ද පවතී.

දැනට සාගර විශ්වවිද්‍යාලය ස්ථිර මණ්ඩපයක් නොමැතිව කුලී පදනම මත ලබාගත් ස්ථාන කිහිපයක පවත්වාගෙන යන බැවින්, එම ගැටලුවට විසඳුමක් ලෙස මෙම පරිශ්‍රය යොදා ගැනීමට නියමිතය.

අදාළ ගොඩනැගිලි අධ්‍යාපනික හෝ වෘත්තීය පුහුණු කටයුතු සඳහා භාවිත කළ හැකිද යන්න පිළිබඳව 2026 ජුනි 1 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී අධ්‍යයනයක් සිදුකරන ලෙස උපදෙස් ලබාදී තිබිණි.

එම අධ්‍යයනයෙන් අනතුරුව, සාගර විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා මෙම පරිශ්‍රය පැවරීම සුදුසු බව නිලධාරීන් නිර්දේශ කර තිබේ.

මෙම පවරාදීමත් සමඟ පවතින ගොඩනැගිලි ඉදිකිරීම් අවසන් කර විශ්වවිද්‍යාලයට තමන්ගේම ස්ථිර මණ්ඩපයක් ලබාදීමටත්, උසස් අධ්‍යාපන හා පුහුණු අවස්ථා පුළුල් කිරීමටත් අපේක්ෂා කෙරේ.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.