සම්පත් බැංකුවෙන් වාහන ලීසිං පහසුකම්වලට විශේෂ වට්ටමක්

20 Oct 2026, 5:54 PM | News | Views: 6

Article Image
සම්පත් බැංකුව සහ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සමාගම එක්ව වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට විශේෂ මූල්‍ය පහසුකම් සහ ප්‍රතිලාභ ලබාදීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, අදාළ කොන්දේසිවලට යටත්ව වාහන ලීසිං සඳහා ප්‍රකාශිත පොලී අනුපාතයෙන් ප්‍රතිශත ලක්ෂ්‍ය 0.5ක අඩු කිරීමක් ලබාදීමට නියමිතය.

මීට අමතරව, වාහන රක්ෂණ වාරික ගෙවීම සඳහා ලබාගන්නා ණය මුදල් මාස දෙකක් ඇතුළත පියවන්නේ නම් පොලී රහිත පහසුකම් හිමිවේ.

එමෙන්ම, සම්පත් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා එක්වීමේ ගාස්තුවක් අය නොකිරීම සහ රක්ෂණ වාරික මාස 12ක් දක්වා සියයට 0ක පොලියක් යටතේ වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් ද ලබාදීමට නියමිතය.

ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සමාගම මගින් වාහන ලියාපදිංචිය නොමිලේ සිදුකර දීම සහ තුන්වන වාහන සේවා වාරයේදී ශ්‍රම ගාස්තු අය නොකිරීම ඇතුළු අමතර ප්‍රතිලාභ ද පාරිභෝගිකයන්ට හිමිවේ.

HAVAL, TANK, ORA සහ BAIC ඇතුළු වාහන සන්නාම මෙරට බෙදාහරින ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සමාගම සමඟ ඇතිකරගත් මෙම හවුල්කාරිත්වය හරහා පාරිභෝගිකයන්ට වඩාත් පහසු වාහන මූල්‍යකරණ විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බව සමාගම් දෙක සඳහන් කර ඇත.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.