අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්

21 Oct 2026, 5:30 PM | News | Views: 4

Article Image
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (22) පැය අටක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව වාර්තා වේ.

කලාවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තාවකාලික ජල කප්පාදුව සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබේ.

ඒ අනුව, හෙට පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ඉහළගම, කලාවැව, මරදන්කඩවල, තිරප්පනේ සහ කැකිරාව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ඇතිවිය හැකි අපහසුතා අවම කරගැනීම සඳහා අවශ්‍ය ජලය කල්තියා රැස්කර තබා ගන්නා ලෙස අදාළ ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජල සැපයුම යථා තත්ත්වයට පත් කරන තෙක් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ද ජනතාවට දැනුම් දී තිබේ.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.