පළාත් 7කට ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

21 Oct 2026, 3:58 PM | News | Views: 9

Article Image
දිවයිනේ පළාත් හතක් සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (21) නිකුත් කර තිබේ.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතී.

අද පෙරවරු 11.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (22) අලුයම 1.30 දක්වා වලංගු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං ද ඇති විය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම සඳහා ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල නිවාස තුළ රැඳී සිටින ලෙසත්, විවෘත ස්ථානවල සහ ගස් යට රැඳී සිටීමෙන් වළකින ලෙසත් ජනතාවට දැනුම් දී තිබේ.
එමෙන්ම විදුලියට සම්බන්ධ උපකරණ භාවිතයෙන් වැළකී, කඩා වැටුණු ගස් හා විදුලි රැහැන් පිළිබඳව ද අවධානයෙන් පසුවන ලෙස උපදෙස් ලබා දී ඇත.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.