"මිනිස් ශ්‍රමය අගය නොකරන රටකට ඉදිරි ගමනක් නැත" විපක්ෂ නායකගෙන් මැයි දින විශේෂ ප්‍රකාශයක්

01 May 2026, 12:11 PM | Politics | Views: 4

Article Image
මෙරට ආර්ථිකයේ ජීවනාලිය වන ශ්‍රමිකයා යන්ත්‍රයක් ලෙස නොව, රටේ සංවර්ධනයේ සැබෑ සම කොටස්කරුවකු ලෙස සලකන මානුෂීය ආර්ථික වැඩපිළිවෙළක අවශ්‍යතාව අද වන විට රටට තදින්ම දැනෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අදට (මැයි 01) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර සිටී.

රජයේ මර්දනයට එරෙහිව පෙළ ගැසෙමු

වත්මන් රජය ආර්ථික ප්‍රතිසංස්කරණවල නාමයෙන් පවතින කම්කරු නීති ලිහිල් කිරීමටත්, ශ්‍රමිකයාගේ රැකියා සුරක්ෂිතභාවය කප්පාදු කිරීමටත් දරන උත්සාහය තමන් දැඩි ලෙස හෙළා දකින බව විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.

අයිතීන් ඉල්ලා හඬ නඟන වෘත්තීය සමිති සහ ශ්‍රමිකයන් මර්දනය කිරීම වහාම නැවැත්විය යුතු බව ද ඔහු පෙන්වා දෙයි.

ජීවන වියදම අහස උසට නැඟ ඇති යුගයක සාමාන්‍ය ජනතාවගේ පරිභෝජන හැකියාව මුළුමනින්ම බිඳ වැටී ඇති බවත්, මීට විසඳුම් ලෙස ජීවන වියදමට සරිලන "විද්‍යාත්මක වැටුප් ක්‍රමවේදයක්" හඳුන්වා දීම අත්‍යවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා සිය පණිවිඩය මගින් පවසා ඇත.

එසේම පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවක සුරක්ෂිතභාවය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තහවුරු කිරීමටත්, පීඩිත පන්තියේ වේදනාව හඳුනන පාලනයක් ස්ථාපිත කිරීමටත් එක්වන ලෙස ඔහු සමස්ත වැඩකරන ජනතාවට ආරාධනා කර සිටී.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.