මැතිවරණ නීති සමාලෝචනයට 12 දෙනකුගේ විශේෂ කාරක සභාවක්!

05 May 2026, 11:09 AM | Politics | Views: 1

Article Image
මැතිවරණ නීති සමාලෝචනයට මහාචාර්ය අභයරත්නගේ සභාපතිත්වයෙන් 12 දෙනකුගේ විශේෂ කාරක සභාවක්!

පළාත් සභා ඡන්ද විමසීම් හැර අනෙකුත් මැතිවරණ නීති පද්ධතිය ගැඹුරින් සමාලෝචනය කර වාර්තා කිරීම සඳහා සාමාජිකයන් 12 දෙනකුගෙන් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (05) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

මෙම කාරක සභාවේ ප්‍රධාන වගකීම් සහ පත් කරන ලද සාමාජිකයන් පිළිබඳ විස්තර පහත පරිදි වේ:

පළාත් සභා ඡන්ද විමසීම් නීති හැර අනෙකුත් මැතිවරණ නීති පද්ධතිය ගැඹුරින් සමාලෝචනය කිරීම.

අදාළ සමාලෝචන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

පවතින මැතිවරණ නීතිමය රාමුව වඩාත් විනිවිදභාවයකින් යුතුව සකස් කිරීම සඳහා අවශ්‍ය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම.

මහාචාර්ය ඒ. එච්. එම්. එච්. අභයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද අනෙකුත් සාමාජිකයන් වන්නේ:

* ආචාර්ය උපාලි පන්නිලගේ මහතා

* මුනිර් මුලාෆර් මහතා

* නීතිඥ සුනිල් වටගල මහතා

* රවී කරුණානායක මහතා

* ජේ. සී. අලවතුවල මහතා

* හර්ෂණ රාජකරුණා මහතා

* කදිරවේලු ශන්මුගම් මහතා

* රුවන්තිලක ජයකොඩි මහතා

* නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය

* මයිල්වාගනම් තිගුදීස්වරන් මහතා

* චන්දිම හෙට්ටිආරච්චි මහතා
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.