අධිකරණ ශාලාවේ වෙඩි තැබීමේ සිද්ධියේ විමර්ශන තවදුරටත්

16 May 2026, 5:04 PM | News | Views: 6

Article Image
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “ගණේමුල්ල සංජීව” ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දීම සහ ගිනි අවි සැපයීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් “ගම්පහ ඔස්මන්ඩ්” නමැත්තා දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අංශවලට අවසර ලබා දී තිබේ.

2025 පෙබරවාරි 19 වනදා කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී, නීතිඥවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කර සිටි “ගණේමුල්ල සංජීව” වෙත වෙඩි තබා ඝාතනය කර තිබුණි.

මෙම සිද්ධියට අදාළව දැනට රැඳවුම් නියෝග යටතේ සිටින සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් පසුගිය 13 වනදා රාත්‍රියේ ගම්පහ ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේදී “ගම්පහ ඔස්මන්ඩ්” අත්අඩංගුවට ගෙන ඇත.

විදේශගත සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ එක්ව මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කර ඇති බවත්, අපරාධය සඳහා අවශ්‍ය ගිනි අවි සැපයීමෙන් සැකකරු ඝාතනයට ආධාර අනුබල ලබාදී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී විදේශීය නිෂ්පාදිත Repeater වර්ගයේ ගිනි අවියක්, ජීව පතරොම් 10ක් සහ පතරොම් ගැබ් 02ක් සොයාගෙන තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදු කරයි.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.