ඌව පළාත් සභා මැතිවරණ ප්‍රචාරණයට රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියක් - හිටපු ඇමතිවරයෙකුට අධිකරණයෙන් නියෝග

29 May 2026, 2:40 PM | Politics | Views: 19

Article Image
2014 වසරේදී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 7.8ක මුදලක් ඌව පළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අවභාවිත කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කර තිබේ.

එකී සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට අමතරව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු සභාපති භාෂ්වර ගුණරත්න සහ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජව්ෆර් යන අය ද සැකකරුවන් ලෙස නම් කර ඇත.

නීතිපති උපදෙස් මත මොවුන් පොදු දේපොළ පනත යටතේ සැකකරුවන් ලෙස නම් කිරීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් අතර, ඉන් අනතුරුව මෙම නියෝගය නිකුත් විය.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.