ඇලහැර රදවිගේඔය ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍යයේ මුල් ගල් තැබීමේ පුණ්‍යෝත්සවයට විපක්ෂ නායක එක්වෙයි.

31 May 2026, 1:08 PM | Politics | Views: 25

Article Image
"රජ දවස පාලකයන් ජනතාව අත්නොහැරියා සේ, වත්මන් අසීරු අවස්ථාවේදීත් ජනතාව අත්නොහැරිය යුතුයි" – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පොළොන්නරුවේදී පවසයි

එදා රජ දවස පාලකයන් අසීරු අවස්ථාවලදී සිය ජනතාව අත්නොහැරියා සේ, වත්මන් අසීරු කාලවකවානුවේදීත් ජනතාව අතහැර නොයන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, ඇලහැර රදවිගේඔය ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත චෛත්‍යයේ මුල් ගල් තැබීමේ පුණ්‍යෝත්සවයට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, කවුරුන් කුමන දේ පැවසුවද රටේ ගොවි ජනතාව අද පසුවන්නේ දැඩි අසීරුතාවයකින් බවයි. තම අස්වැන්න ඉහළ ස්ථාවර මිලකට විකුණාගත නොහැකිව ගොවීන් දැඩි පීඩනයකට ලක්ව ඇති බවද ඔහු අවධාරණය කළේය.

එහිදී කරුණු දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, "එදා රුපියල් අනූවකට අලෙවි වූ වී කිලෝවක්, අද 14% ක තෙතමනයට අඩු වී අලෙවි වන්නේ රුපියල් 114කටයි. ගොවියා විශාල පිරිවැයක් දරා වගා කටයුතු සිදුකළත්, අද ඔවුන්ට එමගින් ලැබෙන ලාභයක් නොමැත" යැයි පැවසීය.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.