වෙසක් දන්සැලේ පෝලිමේ සිටි පිරිසක් මතට කැබ් රථයක් කඩා වදී: මියගිය පිරිස 6 දක්වා ඉහළට

01 Jun 2026, 9:38 AM | News | Views: 23

Article Image
මීගොඩ - බැද්දෙගෙදරමුල්ල ප්‍රදේශයේ පැවති රොටි දන්සලක් අසලදී සිදුවූ අවාසනාවන්ත රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (31) මධ්‍යම රාත්‍රියට ආසන්නව සිදුවූ මෙම අනතුරින් කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමින් තිදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය අය අතර පාදුක්ක - තුන්නාන ප්‍රදේශයේ සහෝදරයන් දෙදෙනෙකු, පිළියන්දල ප්‍රදේශයේ අඹුසැමි යුවළක් සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු වන බව පොලිසිය තහවුරු කරයි. අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අනතුර සිදුකර පලාගිය කැබ් රථය සහ එහි රියදුරු ගොඩගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, රියදුරු මත්පැන් පානය කර සිටියේ ද යන්න සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ සිදුකෙරේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මීගොඩ පොලිසිය විසින් පවත්වනු ලබයි.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.