අද රාත්‍රියේ නිකුත් වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම ගැසට් නිවේදනය !

01 Jun 2026, 5:16 PM | News | Views: 24

Article Image
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරප්පාඩු පිරවීම සඳහා වූ 2026.05.29 දිනැති ගැසට් පත්‍රය සහ ඒ සඳහා මාර්ගගතව (Online) අයදුම් කිරීමේ සබැඳිය අද (ජූනි 01) රාත්‍රියේ සිට www.health.gov.lk නිල වෙබ් අඩවියේ පළ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.

මෙම බඳවා ගැනීම සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් පහත සුදුසුකම් සපුරා තිබිය යුතුය,

* ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම.
* 2021, 2022, 2023 හෝ 2024 යන වර්ෂවල පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් ජීව විද්‍යාව (Biology) හෝ භෞතික විද්‍යාව (Physics) විෂයයන් හදාරා තිබීම.
* අදාළ ගැසට් පත්‍රයේ දක්වා ඇති අනෙකුත් සුදුසුකම් සපුරා තිබීම.

වැඩිදුර තොරතුරු සඳහා අද රාත්‍රියෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන ලෙස අමාත්‍යාංශය දන්වා සිටියි.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.