වසර 32කට පසු වාර්තාගත රන් පදක්කමක් සමඟින් ආසියාව ජයගත් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කටුනායකට පැමිණෙයි

02 Jun 2026, 4:36 PM | Sports | Views: 29

Article Image
චීනයේ හොංකොං හි පැවැති 22 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී මව්බිමට විශිෂ්ට ගෞරවයක් අත්කර දුන් ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම අද (02) දින කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.

මෙම තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත පදක්කම් සටහනේ 08 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 04ක් ඇතුළුව සමස්ත පදක්කම් 08ක් මෙරටට හිමිකර දෙමිනි.

පදක්කම් දිනාගත් අපේ තරු,

* තරුෂි අභිෂේකා
මීටර් 1,500 ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් සහ මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ද්විත්ව පදක්කම් ලාභිනියක් බවට පත්විය.
* රන්සිනි පෙරේරා
මීටර් 200 ධාවන ඉසව්වෙන් වසර 32කට පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ඓතිහාසික රන් පදක්කමක් දිනා ගැනීමට ඇය සමත් වූවාය.
* තරූෂ මෙන්ඩිස්පි
රිමි උස පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමිකර දුන්නේය.
* නෙත්සර දිනෙත්මී
ටර් 800 ධාවන ඉසව්වෙන් විශිෂ්ට ධාවනයක නිරත වෙමින් රිදී පදක්කමක් දිනා ගත්තේය.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.