"පාලකයන් ජනතාව ගැන නොබලා රජ මාලිගාවල සැප විඳිනවා" - ජාතික නිදහස් පෙරමුණේ නායකයාගෙන් දෝෂාරෝපණයක්

03 Jun 2026, 7:54 PM | Politics | Views: 8

Article Image
රටේ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වමින් වත්මන් පාලකයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වුවමනාවන් මත පමණක් කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

අද (03) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් වීරවංශ මහතා රජයේ වත්මන් ආර්ථික ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.

"ඉදිරියේදී තව වට කිහිපයකින් තෙල් මිල නංවනවා"
වත්මන් රජයේ බලධාරීන් තවමත් ඉන්ධන ලබාදෙන්නේ පාඩුවට බව පවසමින් සිදුකරන ප්‍රකාශ තිරය පිටුපස ඇති වෙනත් සැලසුමක කොටසක් බව හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඔහු පවසන්නේ ඉදිරි කාලය තුළ තවත් වට එකකින් හෝ දෙකකින් ඩීසල් සහ පෙට්‍රල් ඇතුළු සියලුම ඉන්ධන මිල ගණන් ඉතා ඉහළ මට්ටමකින් වැඩි කිරීම සඳහා රජය මේ වන විටත් පසුබිම සකස් කරමින් සිටින බවයි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 695 ක ණය මුදලක් ලැබීම සම්බන්ධයෙන් රජය අනවශ්‍ය ලෙස උදම් අනමින් සිටින බව විමල් වීරවංශ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

මේ වන විට රට තුළ සිදුවෙමින් පවතින්නේ විදේශ විනිමය ඉපැයීමක් නොව, පවතින සොච්චම් විදේශ විනිමය ප්‍රමාණය පවා විනාශ කර දැමීමක් බව හෙතෙම පවසයි.

"රජය මේ ලැබුණු ඩොලර් මිලියන 695 ගැන ලොකුවට කතා කළාට, ඒ මුදලෙන් ගේන්න පුළුවන් වෙන්නේ තෙල් නැව් තුනක් (3) විතරයි.

රටේ අත්‍යවශ්‍ය උවමනාවන් වෙනුවෙන් මේ මුදල් පරිස්සමෙන් පාවිච්චි කරලා, රුපියල අවප්‍රමාණය වීමට නොදී රැකබලා ගන්නවා වෙනුවට, රජය කරන්නේ මහා පරිමාණ ප්‍රකෝටිපතියන්ට අවශ්‍ය විදිහට මේ ඩොලර් ටික පුච්චා දැමීමයි."

ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින මෙවැනි වටපිටාවක, පාලකයන් පොදු ජන අවශ්‍යතා මඟහරිමින් කටයුතු කිරීම රට තවදුරටත් අගාධයකට ඇද දැමීමක් බවද ජාතික නිදහස් පෙරමුණේ නායකයා වැඩිදුරටත් අවධාරණය කළේය.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.