විමල්, උදය සහ දිලිත්ට එරෙහිව පාස්කු විමර්ශනවලට බාධා කළැයි නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලයි !

12 Jun 2026, 3:03 PM | Politics | Views: 31

Article Image
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුතුවලට සහ ඊට අදාළ අධිකරණ ක්‍රියාවලීන්ට විවිධ අයුරින් බාධා කිරීම මෙන්ම බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර යන මහත්වරුන්ට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අද (12) විශේෂ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

"ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය" විසින් අද (12) දින සෘජුවම පොලිස්පතිවරයා (IGP) වෙත මෙම නිල පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජිතයන් සඳහන් කළේ, පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් සෙවීම සඳහා දැනට ස්වාධීන ආයතන මඟින් සිදුකරනු ලබන විධිමත් විමර්ශන ක්‍රියාවලිය විකෘති කිරීමටත්, දේශපාලන වාසි තකා මහජනතාව නොමඟ යැවීමටත් විපක්ෂයේ මෙම දේශපාලනඥයන් පිරිස අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවයි.

එමඟින් සමස්ත අධිකරණ පද්ධතියට සහ සාධාරණ පරීක්ෂණ ක්‍රියාවලියට දැඩි බලපෑමක් එල්ල වන බැවින්, මේ පිළිබඳව වහාම පූර්ණ විමර්ශනයක් පවත්වා අදාළ පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිමය පියවර ගන්නා ලෙස ඔවුන් පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.