UNPය ආශු මාරසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

18 Jun 2026, 10:54 AM | Politics | Views: 25

Article Image
එක්සත් ජාතික පක්ෂය
ஐக்கிய தேசியக் கட்சி
United National Party

2026.06.17

ආශු මාරසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන්

දීර්ඝ කාලයක් අප පක්ෂයේ මධ්‍යම කාරක සභා සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ආශු මාරසිංහ මහතා අද දින එක්සත් ජාතික පක්ෂයේ සියලු කටයුතුවලින් ඉවත් කර ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.

දීර්ඝ කාලීනව පැවති දේශපාලන ගැටලු සාර්ථකව විසඳා ගනිමින්, එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය යන පක්ෂ දෙක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ නැවත එක් පක්ෂයක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබියදී, ඊයේ දින දෙරණ මාධ්‍ය ජාලයේ විකාශය වූ "වාද පිටිය" වැඩසටහනේදී අපගේ මිත්‍ර සමගි ජන බලවේගයේ සාමාජික චරිත් අබේසිංහ මහතා සමඟ විවාද කරමින් ආණ්ඩු පක්ෂයට වාසිදායක අයුරින් හැසිරීම ආශු මාරසිංහ මහතා මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීමට හේතු විය.

පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අවස්ථාවේදී, ආශු මාරසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ විනය නීති උල්ලංඝනය කරමින් කලහකාරී ලෙස මෙන්ම ඉතා පිළිකුල්සහගත අයුරින් හැසිරුණු බවට තීරණය විය. ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබීය.

(අත්සන)
නීතිඥ තලතා අතුකෝරල
මහලේකම් - එක්සත් ජාතික පක්ෂය
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.