හෙරොයින් කිලෝ 05ක් සමග මට්ටක්කුලියේදී පුද්ගලයෙක් අත්අඩංගුවට

02 Jul 2026, 6:18 PM | News | Views: 7

Article Image
මට්ටක්කුලිය ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ඊයේ (01) දහවල් කාලයේදී ලැබුණු රහසිගත තොරතුරකට අනුව මට්ටක්කුලිය පොලිස් වසමට අයත් ෆර්ගියුසන් පාර ප්‍රදේශයේ සිදු කළ වැටලීමදීය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී කිලෝග්‍රෑම් 05ක මුද්‍රා තැබූ හෙරොයින් පැකට්ටුවක් සහ තවත් ග්‍රෑම් 140ක්ද, මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 50,000ක මුදලක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සඳහා භාවිත කළ ස්මාර්ට් ජංගම දුරකථන 02ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම සැකකරු සහ ඔහු සන්තකයේ තිබූ භාණ්ඩ ඉදිරි විමර්ශන සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

මට්ටක්කුලිය පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.