ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් නොවැම්බර් 18 කැඳවීමට නියෝග

22 Oct 2026, 5:15 PM | News | Views: 6

Article Image
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් නොවැම්බර් 18 වැනිදා කැඳවීමට නියම කර තිබේ.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර ඇති අතර, ඒවා අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය ඉවත් කර සිවිල් ඇඳුමින් සැරසීම සම්බන්ධයෙන් මතුව ඇති නීතිමය ගැටලුව මෙම පෙත්සම්වලට පදනම් වී තිබේ.

අදාළ පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණයේ ඉදිරි ක්‍රියාමාර්ග නොවැම්බර් 18 වැනිදා සිදුකිරීමට නියමිතය.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.