දිස්ත්‍රික්ක 9කට නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

22 Oct 2026, 5:41 PM | News | Views: 6

Article Image
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 9ක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (22) පස්වරු 4.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (23) පස්වරු 4.00 දක්වා බලපැවැත්වේ.

ඒ අනුව කළුතර, රත්නපුර, මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා දෙවන මට්ටමේ (ඇම්බර්) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

එමෙන්ම බදුල්ල, කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, මොනරාගල, රත්නපුර, නුවරඑළිය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා පළමු මට්ටමේ (කහ) අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

අදාළ ප්‍රදේශවල ජනතාව පවතින කාලගුණික තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවීම වැදගත් වේ.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.