දඩ ගෙවාගත නොහැකිව සිරකරුවන් 1,454ක් බන්ධනාගාරවල

22 Oct 2026, 5:23 PM | News | Views: 6

Article Image
අධිකරණය නියම කළ දඩ මුදල් ගෙවාගත නොහැකි වීම හේතුවෙන් සිරකරුවන් 1,454 දෙනෙකු තවදුරටත් බන්ධනාගාරගතව සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව රුපියල් 10,000ත් 15,000ත් අතර දඩ මුදල් ගෙවාගත නොහැකි සිරකරුවන් 421 දෙනෙකු සිටින අතර, රුපියල් 15,000ත් 25,000ත් අතර දඩ මුදල් ගෙවාගත නොහැකි සිරකරුවන් 220 දෙනෙකු සිටින බව අනාවරණය වී තිබේ.

තවද, රුපියල් 25,000ත් 50,000ත් අතර දඩ මුදල් ගෙවාගත නොහැකි සිරකරුවන් 361 දෙනෙකු ද, රුපියල් 50,000ත් 100,000ත් අතර දඩ මුදල් ගෙවාගත නොහැකි සිරකරුවන් 245 දෙනෙකු ද බන්ධනාගාරවල රඳවා සිටිති. රුපියල් 100,000 ඉක්මවන දඩ මුදල් ගෙවාගත නොහැකි සිරකරුවන් සංඛ්‍යාව 207කි.

සුදුසුකම් ලබන සිරකරුවන් වෙනුවෙන් දඩ මුදල් ගෙවා ඔවුන් නිදහස් කර ගැනීමට රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවලට අවස්ථාව පවතින බව ද අමාත්‍යවරයා පැහැදිලි කර ඇත. ඒ සඳහා අදාළ නීතිමය අවශ්‍යතා සපුරාලිය යුතුය.

මේ අතර, මෙරට බන්ධනාගාරවල සමස්ත සිරකරුවන් සංඛ්‍යාව 41,000ත් 41,250ත් අතර පවතින බව අදාළ වාර්තාවේ සඳහන් වේ. බන්ධනාගාරවල නිල ධාරිතාවට සාපේක්ෂව එය අධික තදබදයක් පෙන්නුම් කරයි.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.