තෙල් නිෂ්පාදනය ඉහළ දැමීමට OPEC+ එකඟ වෙයි

06 Apr 2026, 2:10 PM | Economy | Views: 4

Article Image
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ස්ථාවරව පවත්වා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන 'OPEC+' සංවිධානය, සිය තෙල් නිෂ්පාදනය මැයි මාසයේ සිට ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව, දිනක තෙල් නිෂ්පාදනය බැරල් 206,000කින් වැඩි කිරීමට සාමාජික රටවල් එකඟතාව පළ කර ඇත.

මෙම තීරණය සඳහා සෞදි අරාබිය, රුසියාව, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, කසකස්තානය, ඇල්ජීරියාව සහ ඕමානය යන රටවල් 8 සිය එකඟතාවය ලබා දී ඇත.

මෙම නව තීරණය ක්‍රියාත්මක වීමත් සමඟ සංවිධානයේ ඒකාබද්ධ දෛනික නිෂ්පාදනය බැරල් මිලියන 33.7ක් දක්වා ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබේ.

නිෂ්පාදනය ඉහළ දැමුවද, දැනට පවතින ගුවන් ප්‍රහාර හේතුවෙන් බලශක්ති යටිතල පහසුකම්වලට සිදුවී ඇති හානි අලුත්වැඩියා කිරීමට දීර්ඝ කාලයක් ගතවනු ඇති බව OPEC+ සංවිධානය පෙන්වා දෙයි.

විශේෂයෙන්ම ජාත්‍යන්තර සමුද්‍රීය මාර්ගවලට එල්ල වන ප්‍රහාර හෝ කඩාකප්පල් කිරීම් හේතුවෙන් ලෝක බලශක්ති සැපයුම අස්ථාවර වීමේ අවදානමක් පවතින බවද ඔවුහු වැඩිදුරටත් අනතුරු අඟවති.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.