තමිල්නාඩු මැතිවරණයෙන් ස්ටාලින් පරදා විජේ පෙරමුණට

04 May 2026, 11:11 AM | International | Views: 21

Article Image
තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර, ප්‍රබල දේශපාලන පෙරළියක් සිදු කරමින් පාලක DMK පක්ෂය අභිබවා යාමට දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජේගේ ‘තමිලග වෙට්ට්‍රි කසාගම්’ (TVK) පක්ෂය සමත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, දැනට ගණන් කර අවසන් කර ඇති ආසන ප්‍රතිඵල අනුව තලපති විජේ විශිෂ්ට ජයග්‍රහණයක් කරා ගමන් කරමින් සිටියි.

මුළු ආසන සංඛ්‍යාව: 234

තමිලග වෙට්ට්‍රි කසාගම් (TVK - විජේ): ආසන 97ක පෙරමුණේ

ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK - ස්ටාලින්): ආසන 52ක් පමණයි

ඡන්ද ගණන් කිරීමේ මුල් අදියරේදී මහ ඇමති එම්.කේ. ස්ටාලින් ප්‍රමුඛ පාලක DMK පක්ෂය පෙරමුණේ පසුවූ නමුත්, ගණන් කිරීමේ කටයුතු ඉදිරියට යත්ම එම වාසිය අභිබවා යාමට විජේගේ TVK පක්ෂය සමත් විය. මෙය තමිල්නාඩු දේශපාලනයේ දශක ගණනාවකට පසු සිදුවූ සුවිශේෂීම සංසිද්ධියක් ලෙස විචාරකයෝ හඳුන්වති.

තමිල්නාඩු වැසියන් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ කෙරෙහි පැවති විශ්වාසය වෙනස් කරමින්, නව දේශපාලන ගමනක් වෙනුවෙන් විජේ වෙත මෙලෙස ප්‍රතිචාර දක්වා ඇති බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.