පාකිස්තාන ඉන්ධන මිලේ දැවැන්ත කප්පාදුවක් - පැට්‍රල් ලීටරයක් රුපියල් 74කින් අඩු වෙයි

20 Jun 2026, 3:21 PM | International | Views: 3

Article Image
දැඩි ආර්ථික අර්බුදයකින් බැට කෑ පාකිස්තානයෙන් ජනතාවට සහනයක් ලබා දෙමින්, ඉන්ධන මිල විශාල වශයෙන් අඩු කිරීමට එරට අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා පියවර ගෙන තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ඇමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ එකඟතාවක් මත හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වීමත් සමඟ මෙම මිල අඩු කිරීම සිදු කර ඇත. ඒ අනුව:

පැට්‍රල්: රු. 373 සිට රු. 299 දක්වා (රු. 74කින් අඩු වේ)

ඩීසල්: රු. 378 සිට රු. 311 දක්වා (රු. 67කින් අඩු වේ)

"ජනතාවට දුන් පොරොන්දුව ඉටු කළා. රටේ ජනතාව පීඩාවට පත් වූ අසීරු කාලයේ අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි" යනුවෙන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.