විදුලි ගාස්තු 18%කින් ඉහළට! 95%ක පාරිභෝගිකයන්ට සහන
09 May 2026, 3:22 PM |
Economy |
Views: 5
2026 වසරේ දෙවන සහ තුන්වන කාර්තු සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව හෙට (මැයි 10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තෝරාගත් පාරිභෝගික කාණ්ඩ කිහිපයක ගාස්තු 18%කින් ඉහළ නංවා ඇත.
කෙසේ වෙතත්, රජය විසින් ලබාදීමට එකඟ වූ රුපියල් බිලියන 15ක සහනාධාරය හේතුවෙන් මෙම ගාස්තු ඉහළ දැමීම සමස්ත පාරිභෝගික ජනගහනයෙන් 5%ක් වැනි සුළු පිරිසකට පමණක් සීමා වන බව අද (09) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.
ගාස්තු වැඩිවීම බලපෑමක් නොවන පිරිස (95%)
රජයේ මැදිහත්වීම මත පහත සඳහන් අඩු පරිභෝජනයක් සහිත කාණ්ඩ සඳහා ගාස්තු වැඩිවීමක් සිදු නොවේ,
* ඒකක 0-30, 31-60, 61-90, 91-120 සහ 121-180 දක්වා පාරිභෝගිකයන්.
* සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්.
* විදුලි ඒකක 180ට අඩුවෙන් පරිභෝජනය කරන පූජනීය ස්ථාන.
* හෝටල් අංශයේ H1 සහ H2 (අඩු පරිභෝජනය සහිත) කාණ්ඩ.
18%ක ගාස්තු වැඩිවීම අදාළ වන කාණ්ඩ
විදුලි පරිභෝජනය වැඩි පිරිස ඉලක්ක කර ගනිමින් පහත පරිදි ගාස්තු සංශෝධනය සිදුවනු ඇත,
* මසකට ඒකක 180 ඉක්මවන ගෘහස්ථ පාරිභෝගිකයන්.
* සියලුම රජයේ ආයතන.
* පොදු කාර්ය (GP 2/GP 3) කාණ්ඩ සහ මහා පරිමාණ කර්මාන්ත ශාලා.
* අධික විදුලි පාරිභෝජනයක් සහිත හෝටල් සහ ඒකක 180 ඉක්මවන ආගමික ස්ථාන.
මෙම තීරණය මඟින් අඩු ආදායම්ලාභී සහ සාමාන්‍ය පාරිභෝගිකයන් අතිමහත් බහුතරයක් ගාස්තු පීඩනයෙන් නිදහස් කර ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.