වාහන මිල ඉහළට? ආනයන බදු මත 50% ක අධිභාරයක් පනවයි!

18 May 2026, 6:20 PM | Economy | Views: 26

Article Image
විදේශ විනිමය කළමනාකරණය කිරීමේ කඩිනම් පියවරක් ලෙස, මෙරටට ආනයනය කරනු ලබන මෝටර් වාහන සඳහා පනවා ඇති රේගු බදු මත 50% ක අධිභාරයක් (Surcharge) පැනවීමට රජය තීරණය කර ඇත.

2026 මැයි 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව බද්ද පනවා ඇත්තේ රේගු ආඥා පනතේ 10(අ) වගන්තිය යටතේය.

මෙම තීරණය සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා විසින් අංක 2488/56 සහ 2488/69 දරණ විශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

මෙම අධිභාරය 2026 මැයි 16 සිට ඉදිරි මාස 3ක කාලයක් සඳහා බලපැවැත්වේ.
තුන්රෝද රථ සඳහා මෙම 50% අධිභාරය අදාළ නොවේ.

2026 මැයි 15 දින හෝ ඊට ප්‍රථම විවෘත කරන ලද ණයවර ලිපි යටතේ ආනයනය කෙරෙන වාහන සඳහා මෙම අධිභාරය ගෙවීමට සිදු නොවේ.

කෙසේ වුවද, 2026 මැයි 15 දිනට පෙර විවෘත කරන ලද ණයවර ලිපියක්, මැයි 15 දිනෙන් පසුව පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් සංශෝධනය කරන්නේ නම්, එම සහනය අහෝසි වන අතර ඔවුන්ට 50% අධිභාරය ගෙවීමට සිදු වේ.

වාහන හඳුනාගැනීමේ අංකය (VIN) වෙනස් කිරීම.
වාහනයේ විස්තරය හෝ තාක්ෂණික පිරිවිතරයන් සංශෝධනය කිරීම.

මෙම පියවර හරහා දැනට පවතින විදේශ විනිමය සංචිත සුරක්ෂිත කර ගැනීම සහ අනවශ්‍ය ලෙස වාහන ආනයනය සීමා කිරීම රජයේ අපේක්ෂාව වී තිබේ.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.