නායයෑම් අවදානම් නිවේදනය !

26 May 2026, 10:25 AM | News | Views: 26

Article Image
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 24ක් ආවරණය වන පරිදි නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය කර තිබේ.

පහත දැක්වෙන ප්‍රදේශවල පදිංචිකරුවන් නායයෑම් පිළිබඳ විමසිලිමත් වන ලෙස දැනුම් දෙයි.

🔴 අවදානයෙන් සිටින්න (අනතුරු ඇඟවීමේ මට්ටම 2 - ඇම්බර්)

* කෑගල්ල: දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල, යටියන්තොට
* රත්නපුර: රත්නපුර, අයගම, කුරුවිට, ඇහැලියගොඩ

🟡 විමසිලිමත් වන්න (අනතුරු ඇඟවීමේ මට්ටම 1 - කහ)

* කොළඹ: සීතාවක, පාදුක්ක
* ගම්පහ: අත්තනගල්ල
* කළුතර: ඉංගිරිය, බුලත්සිංහල, හොරණ, පාලින්දනුවර, මතුගම, අගලවත්ත
* කෑගල්ල: බුලත්කොහුපිටිය
* නුවරඑළිය: අඹගමුව
* රත්නපුර: පැල්මඩුල්ල, කිරිඇල්ල, ඇලපාත, කලවාන, නිවිතිගල

කඳුකර ප්‍රදේශවල පදිංචි ජනතාව පොළොවේ ඉරිතැලීම් හෝ බෑවුම්වල සිදුවන වෙනස්කම් ගැන දැඩි විමසිල්ලෙන් සිටින්න.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.