"මෙවර ඉන්ධන මිල ඉහළ යාම බස් ගාස්තු වැඩි කිරීමට බලපාන්නේ නෑ" ප්‍රසන්න ගුණසේන

02 Jun 2026, 5:57 PM | Economy | Views: 24

Article Image
මෑතකදී ඉන්ධන මිල ගණන් ඉහළ ගියද, මේ මොහොතේ බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව, ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ ඒ සඳහා දැනට ක්‍රියාත්මක වන නිල බස් ගාස්තු සංශෝධන සමීකරණයට අනුව පමණක් බවයි.

පවතින ක්‍රමවේදයට අනුව ඉන්ධන මිල වෙනස්වීම් මත බස් ගාස්තු සංශෝධනයක් කිරීමට නම්, එම මිල වෙනස්වීම සමස්ත පිරිවැයෙන් සියයට 4කට (4%) වඩා වැඩි මට්ටමක පැවතිය යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.

එහෙත් මෙවර සිදුකළ ඉන්ධන මිල ඉහළ දැමීම එම නියමිත සීමාව ඉක්මවා ගොස් නොමැති බැවින් ගාස්තු වැඩි කිරීමට අවස්ථාවක් නොමැති බව ඔහු සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න ගුණසේන මහතා මෙසේද ප්‍රකාශ කළේය,

"තෙල් මිල වැඩි වූ සැනින් බස් ගාස්තු වැඩිවීමක් සිදුවන්නේ නැහැ. බස් ගාස්තු වෙනස් වෙන්නේ නියමිත සමීකරණයට අනුවයි. ඒ අනුව සියයට 4කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉන්ධන මිල වෙනස් වුවහොත් පමණක් බස් ගාස්තු සංශෝධනය කෙරෙනවා. මෙවර ඉන්ධන මිල වැඩිවීම එම සීමාව ඉක්මවා ගොස් නැති නිසා බස් ගාස්තු වැඩි කිරීමක් සිදු වෙන්නේ නැහැ."

මෙම ප්‍රකාශයත් සමඟ, ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තුද ඉහළ යනු ඇතැයි ජනතාව තුළ පැවති අවිශ්වාසය සහ සැකය දුරුවී තිබේ.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.