ශ්රී ලංකාවේ හෝටල් ක්ෂේත්රයට අදාළ නිෂ්පාදන මාලදිවයිනේ ප්රදර්ශනය කෙරේ
19 Oct 2026, 11:41 AM |
News |
Views: 11
ශ්රී ලංකාවේ හෝටල් හා සංචාරක ක්ෂේත්රයට අවශ්ය භාණ්ඩ හා සේවා සපයන සමාගම් රැසක් මාලදිවයිනේ පැවති Hotel Asia 2026 ප්රදර්ශනයට එක්වී සිය නිෂ්පාදන සහ සේවා ප්රදර්ශනය කර තිබේ.
අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ලංකා වාණිජ මණ්ඩලයේ ශ්රී ලංකා–මාලදිවයින් ව්යාපාරික සභාව සමඟ එක්ව මෙම වැඩසටහන සංවිධානය කර ඇත.
ආහාර හා පාන වර්ග, හෝටල් උපකරණ, ගෘහ භාණ්ඩ, ඉංජිනේරු සේවා, සුවතා සේවා, ඉදිකිරීම් ද්රව්ය සහ තාක්ෂණික සේවා ඇතුළු ක්ෂේත්ර රැසක් නියෝජනය කරමින් ශ්රී ලාංකික සමාගම් ඊට සහභාගි වී තිබේ.
මෙම ප්රදර්ශනය හරහා මාලදිවයින් ව්යාපාරිකයන් හා විභව ගැනුම්කරුවන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමටත්, නව වෙළෙඳපොළ අවස්ථා හඳුනා ගැනීමටත් ශ්රී ලාංකික සමාගම්වලට අවස්ථාව හිමිව ඇත.
එමෙන්ම මාලදිවයිනේ ආර්ථික සංවර්ධන, සංචාරක, කෘෂිකර්ම සහ ධීවර අමාත්යාංශ ඇතුළු රාජ්ය ආයතන කිහිපයක් සමඟ ද සාකච්ඡා පවත්වා තිබේ.
එම සාකච්ඡාවලදී දෙරට අතර වාණිජ සහයෝගීතාව වර්ධනය කිරීම, වෙළෙඳපොළ අවශ්යතා හඳුනා ගැනීම සහ මාලදිවයිනේ ආර්ථිකයට ශ්රී ලංකාවේ නිෂ්පාදන හා විශේෂඥ දැනුම දායක කරගත හැකි ක්ෂේත්ර පිළිබඳව අවධානය යොමු කර ඇත.