නාමල් රාජපක්ෂගේ ලේකම්වරයාට ඇප

20 Oct 2026, 3:49 PM | News | Views: 9

Article Image
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ලේකම් සංජය සමරසිංහ මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබාදී තිබේ.

ඒ අනුව, රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇත.

එමෙන්ම, ඔහුට විදේශගත වීම වළක්වමින් සංචාරක තහනමක් ද පනවා තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය ලබාදී ඇත.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.