ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට Otherland Galle හෝටලය එක්වෙයි

19 Oct 2026, 12:21 PM | News | Views: 8

Article Image
Otherland Hotels සන්නාමය ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රයට පිවිසෙමින් සිය ප්‍රමුඛතම හෝටලය වන Otherland Galle 2026 ඔක්තෝබර් 12 වැනිදා විවෘත කර තිබේ.

Rishi Sreedharan, Samarth Gowda සහ Emanuel Siddhartha විසින් Beryll Group සමඟ එක්ව ආරම්භ කළ මෙම හෝටල් සන්නාමය, සාම්ප්‍රදායික සුඛෝපභෝගී හෝටල් සංකල්පයෙන් ඔබ්බට ගිය නව අත්දැකීමක් හඳුන්වා දෙයි.
එහි “FreeState Luxury” සංකල්පය මඟින් පහසුවෙන් ප්‍රවේශ විය හැකි සේවා, පුද්ගලික කැමැත්තට ගැළපෙන පරිසරය සහ සමාජ සබඳතා මත පදනම් වූ සැලසුම් කෙරෙහි අවධානය යොමු කරයි.

මාතර පාරේ පිහිටි මෙම හෝටලය දෙවට වෙරළේ සිට මීටර් 400ක් පමණ දුරින් ද, යුනෙස්කෝ ලෝක උරුමයක් වන ගාලු කොටුවේ සිට කිලෝමීටර් 2.8ක් පමණ දුරින් ද පිහිටා ඇත.

කාමර 66කින් සමන්විත හෝටලය, දකුණු වෙරළ තීරයේ සර්ෆින් සංස්කෘතිය සහ වෙරළබඩ පරිසරයට ගැළපෙන ආකාරයෙන් නිර්මාණය කර තිබේ.

Studio Camarada විසින් සැලසුම් කරන ලද එහි අභ්‍යන්තරය ස්වාභාවික ද්‍රව්‍ය, රැටන් සහ වෙරළබඩ වර්ණවලින් සමන්විතය.

හෝටලයේ Ocean Rooms කාමර 24ක්, Terra Rooms කාමර 25ක්, සූට් කාමර 12ක් සහ හවුල් නවාතැන් ඒකක 5ක් ඇතුළත් වේ.
තනිව සංචාරය කරන පුද්ගලයන්ගේ සිට විශාල කණ්ඩායම් දක්වා විවිධ සංචාරක අවශ්‍යතා සපුරාලීම මෙහි අරමුණයි.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.