පාකිස්තාන යොවුන් පිල හමුවේ ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 5ක පරාජයක්

20 Oct 2026, 11:07 AM | News | Views: 6

Article Image
පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

මුල්තාන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සඳුදා පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44කදී සියලු දෙනා දැවී ලකුණු 159ක් රැස් කළේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සඳරු මල්ෂාන් ලකුණු 52ක් ලබාගත් අතර මෙතුක ගුණරත්න පන්දු 73කදී ලකුණු 49ක් රැස් කළේය.

පාකිස්තානය වෙනුවෙන් ෆහාඩ් ඉක්බාල් ලකුණු 34කට කඩුලු 3ක් දවාගත් අතර අම්මාර් ඛාන් සහ දාවුද් රානා කඩුලු 2 බැගින් බිඳහෙළූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන යොවුන් පිල පන්දුවාර 41.5කදී කඩුලු 5ක් දැවී ලකුණු 160ක් ලබාගනිමින් ජයග්‍රහණය තහවුරු කළේය. නායක අසාන් අහමඩ් පන්දු 94කදී හතරේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 63ක් රැස්කරමින් ජයග්‍රහණයට මඟ පෑදුවේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අදීෂ ලක්ෂාන් ලකුණු 34කට කඩුලු 2ක් දවාගත්තේය.

මෙම ජයග්‍රහණයත් සමඟ තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ තරග 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තාන යොවුන් කණ්ඩායම සමත්ව සිටී.

තරගාවලියේ සිව්වැනි තරගය ඔක්තෝබර් 21 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.