පාසල් සිසුන් මිලියන 4කට අධික පිරිසකට නොමිලේ සුරක්ෂා රක්ෂණාවරණය

20 Oct 2026, 11:27 AM | News | Views: 6

Article Image
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සාමාන්‍ය රක්ෂණ සමාගම (SLICGL) සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක කරන සුරක්ෂා ශිෂ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය ඉදිරියට ගෙන යාමට නියමිතය.

මෙම යෝජනා ක්‍රමය යටතේ දිවයින පුරා පාසල් සිසුන් මිලියන 4කට අධික පිරිසකට නොමිලේ රක්ෂණ ආවරණය ලබාදේ.

රජයේ පාසල්, රජය අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල 1 සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන වයස අවුරුදු 5ත් 21ත් අතර සිසුන්ට මේ සඳහා හිමිකම් ලැබේ.

එමෙන්ම රජයේ ආධාර ලබන විශේෂ පාසල්වල වයස අවුරුදු 4ත් 21ත් අතර සිසුන් ද මෙම රක්ෂණ ආවරණයට ඇතුළත් වේ.

රෝහල්ගතවීමේ ප්‍රතිලාභ, බාහිර රෝගී ප්‍රතිකාර, බරපතළ රෝග සඳහා රක්ෂණ ආවරණය සහ හදිසි අනතුරු හේතුවෙන් සිදුවන තාවකාලික හෝ ස්ථිර ආබාධ සඳහා ප්‍රතිලාභ මෙයට ඇතුළත් වේ.

තවද, අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ගේ මව හෝ පියා මියගිය අවස්ථාවකදී ජීවිත රක්ෂණ ප්‍රතිලාභයක් ද ලබාදීමට මෙම යෝජනා ක්‍රමය මඟින් පහසුකම් සලසා තිබේ.

පාසල් පරිශ්‍රය තුළදී පමණක් නොව ඉන් පිටතදී සිදුවන අනපේක්ෂිත සිදුවීම් සඳහා ද ආවරණය සැලසීම මෙම රක්ෂණ යෝජනා ක්‍රමයේ විශේෂත්වයකි.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.