ශ්රී ලංකාවේ ඩිජිටල් රැකියා කරන සේවකයන්ගේ අයිතිවාසිකම් සුරැකීමට නව පියවර
20 Oct 2026, 2:04 PM |
News |
Views: 5
ශ්රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ඩිජිටල් රැකියා ක්ෂේත්රයේ සේවකයන්ට සමාජ ආරක්ෂණය සහ කම්කරු අයිතිවාසිකම් ලබාදීම සඳහා පවතින කම්කරු නීති හා රෙගුලාසි සමාලෝචනය කිරීමේ අවශ්යතාව අවධාරණය කර තිබේ.
ඔක්තෝබර් 13 වැනිදා කොළඹ පැවති ජාතික වැඩමුළුවකදී මේ පිළිබඳ ප්රමුඛතා හඳුනාගෙන ඇති අතර, රජයේ නියෝජිතයන්, සේවායෝජකයන්, සේවක සංවිධාන සහ ඩිජිටල් වේදිකා නියෝජිතයෝ ඊට එක්ව සිටියහ.
Uber වැනි ප්රවාහන සේවා, ආහාර බෙදාහැරීම සහ අන්තර්ජාලය ඔස්සේ නිදහස් වෘත්තීය සේවා සැපයීම මෙම රැකියා ක්ෂේත්රයට ඇතුළත් වේ.
මෙවැනි රැකියාවල නිරත පුද්ගලයන්ගේ රැකියා තත්ත්වය, වැටුප් ගෙවීම, වෘත්තීය සුරක්ෂිතතාව, සමාජ ආරක්ෂණය සහ දත්ත ආරක්ෂාව සම්බන්ධ ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.
ජාත්යන්තර කම්කරු සංවිධානයේ (ILO) ශ්රී ලංකා හා මාලදිවයින් කාර්යාලයේ අධ්යක්ෂ ජොනී සිම්ප්සන් පෙන්වා දී ඇත්තේ, ඩිජිටල් රැකියා මඟින් නව අවස්ථා උදාවන අතරම සේවකයන්ගේ සාධාරණත්වය, ආරක්ෂාව සහ ගෞරවය තහවුරු කිරීමද අත්යවශ්ය බවයි.
මෙම වැඩමුළුවේදී ඩිජිටල් රැකියා සම්බන්ධ දත්ත වැඩිදියුණු කිරීම, පවතින කම්කරු නීති සමාලෝචනය කිරීම සහ සේවකයන්ට සමාජ ආරක්ෂණ ප්රතිලාභ ලබාදීමේ ක්රමවේද සකස් කිරීම ඇතුළු ඉදිරි ක්රියාමාර්ග හඳුනාගෙන තිබේ.
ජාත්යන්තර කම්කරු සංවිධානය, කම්කරු අමාත්යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩමුළුව සංවිධානය කර ඇත.