දිවයින ආසන්නයේ වායුගෝලීය කැළඹීමක් – පළාත් 6කට මි.මී. 100ක තද වැසි

20 Oct 2026, 2:23 PM | News | Views: 6

Article Image
ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ ඇතිවී තිබෙන කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (20) සවස් කාලයේ සිට දිවයිනේ වැසි තත්ත්වය වැඩිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඒ අනුව උතුරු, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාව පවතී.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, උතුරු සහ වයඹ පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.