දින තුනක විදුලි කප්පාදුවක් !

20 Oct 2026, 2:44 PM | News | Views: 11

Article Image
දිවයින පුරා ඊයේ (19) සිට හෙට (21) දක්වා දින තුනක් පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව, විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා රට කලාප හතරකට බෙදා පස්වරු 4.30 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රිය වීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 810ක ධාරිතාවක් අහිමි වී තිබීම මෙම තත්ත්වයට හේතු වී ඇත.

කෙසේ වෙතත්, විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරනු ලබන්නේ විදුලි ඉල්ලුම සහ පවතින ජනන ධාරිතාව අනුව අවශ්‍යතාවක් ඇති වුවහොත් පමණක් බව බලධාරීන් සඳහන් කරයි.

එමෙන්ම, විදුලිය විසන්ධි කරන සහ නැවත ලබාදෙන වේලාවන් මිනිත්තු 30ක පමණ කාලයකින් වෙනස් විය හැකි බව ද දැනුම් දී තිබේ.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.