පැය 42ක ජල කප්පාදුවක් – බලපෑමට ලක්වන ප්‍රදේශ මෙන්න!

20 Oct 2026, 3:06 PM | News | Views: 8

Article Image
මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට පැය 42ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.

පූජාපිටිය ජල පවිත්‍රාගාරයේ සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරේ.

ඒ අනුව, ඔක්තෝබර් 21 වැනි බදාදා පෙරවරු 9.00 සිට ඔක්තෝබර් 23 වැනි සිකුරාදා පස්වරු 3.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

ජල කප්පාදුව බලපාන ප්‍රදේශ:
- මැදවල (පැරණි සහ නව සේවා ජල ටැංකි ආශ්‍රිත ප්‍රදේශ)
- ගල්ලෙනවත්ත
- ගලගෙදර
- මාවතගම
- ඒ අවට ප්‍රදේශ
ජල සැපයුම යළි ලබාදෙන තෙක් පරිභෝජනය සඳහා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.