IMF ප්‍රධානියාගෙන් අනතුරු ඇඟවීමක්!

07 Apr 2026, 10:51 AM | International | Views: 4

Article Image
හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් ගෝලීය බලශක්ති සැපයුමට දරුණු බලපෑම් - IMF ප්‍රධානියාගෙන් අනතුරු ඇඟවීමක්!

පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය උද්ධමනය ඉහළ යන අතර ආර්ථික වර්ධනය මන්දගාමී වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය පවසයි.

ලෝකයේ තෙල් සහ ගෑස් අවශ්‍යතාවයෙන් පහෙන් එකක් (20%) ප්‍රවාහනය කෙරෙන උපායමාර්ගිකව වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් අවහිර කිරීම හේතුවෙන්, ගෝලීය බලශක්ති සැපයුමට මෙතෙක් සිදු වූ දරුණුතම බාධාව එල්ල වී ඇති බව ඇය පෙන්වා දෙයි.

ජෝර්ජියේවා මහත්මිය සඳහන් කරන පරිදි, මෙම යුදමය තත්ත්වය ඇති නොවූයේ නම් වසංගතයෙන් පසු ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබුණි. ඒ අනුව:
2026 වසරේදී: 3.3% ක ආර්ථික වර්ධනයක්
2027 වසරේදී: 3.2% ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කර තිබුණි.

කෙසේ වෙතත්, වත්මන් අර්බුදය හමුවේ මෙම සංඛ්‍යාලේඛන වෙනස් වීමට ඉඩ ඇති අතර, අප්‍රේල් 14 වැනිදා නිකුත් කිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ "ලෝක ආර්ථික දර්ශකය" (World Economic Outlook) හරහා නවතම පුරෝකථනයන් ඉදිරිපත් කිරීමට නියමිත බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.